ග්‍රෑන්ඩ්පාස්හි කතක් අත්අඩංගුවට ගැනීමට යාමේදී අයෙක් මරුට

null

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට ප්‍රතිවිරෝධය දැක්වීමට පැමිණ පුද්ගලයෙකු බිම ඇද වැටීම නිසා මියගොස් තිබේ.

අනතුරුව ප්‍රදේශවාසීන් විසින් පොලීසියට එරෙහිව විරෝධතාවක් පැවැත්වීමත් සමග නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇත. තත්ත්වය මේ වන විට පාලනය කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.

වයස අවුරුදු 65 ක් වූ වී.ජී. ප්‍රේමසිරි නමැත්තා කාන්තාව අත්අඩංගුවට ගැනීමට යාමේදී ප්‍රතිවිරෝධය දැක්වීමේදී බිම ඇදවැටුණ බවත්, එම පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

කෙසේ වෙතත් මිය ගිය පුද්ගලයාගේ ඥාතීන් ප්‍රකාශ කර ඇත්තේ පොලිස් නිලධාරීන් පහරදීම නිසා මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත්වූ බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ උතුර භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. මෙම මරණය පොලිස් නිලධාරීන්ගේ දෝෂයක් මත සිදුවූ මරණයක් බවට මරණ පරීක්ෂණයේදී සනාථ වුවහොත් එම නිලධාරීන්ට එරෙහිව නිත්‍යානුකුලව කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කර ඇත.

null
null
null
null
null

Pics – ada.lk

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>