ගාල්තැන්නේ කපුවාට ලක්ෂ 48ක දඩයක්

null

වසර ගණනාවක් අදයම් බදු පැහරහැරී බවට චෝදනා ලත් මහනුවර ගාල්තැන්න ශ්‍රී බද්‍රකාලි අම්මාන් දේවාලයේ දේවගැති ගාමිණි ආනන්ද තැනැත්තාට රුපියල් ලක්ෂ 48 ක දඩයක් නියම කර තිබේ.

ඒ මහනුවර අතිරේක මහේස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසේකර මහතා විසිනි.

වසර ගණනාවකින් ඔහු ආදායම් බදු නොගෙවීයැයි මහනුවර ආදායම් බදු කාර්යාලයෙන් මේ නඩුව පවරා ඇති බව ලංකාදීප පුවත් වාර්තා කරයි.

මෙලෙස නියෝග කිරීමෙන් අනතුරුව බන්ධනාගාර නිලධාරින් විසින් ගාමිණි ආනන්ද අධිකරණ සිර මැදිරියෙහි රඳවනු ලැබ තිබේ. ඉන් පැයකට පමණ පසු අදාල දඩ මුදල ගෙවා ඔහු පිටව ගොස් ඇත.

ගාමිණී ආනන්දගේ කැපී පෙනෙන ලක්ෂණය වනුයේ දේවාලයේ සිටින විටත්, ගමන් බිමන් යන විටත් කිලෝ 5 ක පමණ රත්තරන් ආයිත්තම් පැළඳ සිටීමයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>