ගාල්ලේ සෞඛ්‍ය ‍සේවකයින් වර්ජනයේ

null

ගාල්ල දිස්ත්‍රික්කයේ මූලික සහ ශික්ෂණ රෝහල් හැර සෙසු රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල වල සේවකයින් අද සිට වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගාල්ල දිස්ති‍්‍රක් ලේකම් වෛද්‍ය කමල් කොඩිකාර මහතා සදහන් කර ඇත්තේ ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වසා දැමීමට මහනගර සභාව ගත් තීරණයට විරෝධය පළ කරමින් මෙම වර්ජනය කි‍්‍රයාත්මක කරන බවයි.

ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා මහ නරග සභා සේවකයෙකුට පහරදුන්නේ යැයි කියන සිද්ධියක් මත ගාල්ල මහ නගර සභා පරිශ්‍රයේ පිහිටා ඇති එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වසා දැමීමට තීරණය කර ඇත.

මහනගර සභාවේ සේවකයෙකුට සිදුකළ බව කියන මේ පහරදීමේ සිද්ධියට විරෝධය පළ කරමින් නගර සභාවේ සේවක සේවිකාවන් ඊයේ විරෝධතාවක් පැවැත්වුහ.

කෙසේ වෙතත් ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙනුර සිංගාරච්චි මහතා පවසන්නේ තමන් නගර සභාවේ සේවකයකුට පහර දුන් බවට එල්ල වී ඇති චෝදනාව අසත්‍යයක් බවයි.

ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ රාජකාරියට බාධා එල්ලවීම වළක්වා ගැටළුවට විසඳුමක් ලබාදෙන තෙක් ගාල්ල දිසත්‍රික්කයේ දිසා රෝහල්, පර්යන්ත රෝහල් හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල සියළුම වෛද්‍යවරු සිකුරාදාත් සෙනසුරාදාත් වැඩවර්ජනයක අරඹන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ගාල්ල දිස්ත්‍රික් ශාඛාවේ ලේකම් වෛද්‍ය කමල් කොඩිකාර මහතා පවසා ඇති අතර මේ කාලයේ දී අත්‍යාවශ්‍ය හදිසි සේවා පමණක් පවත්වන බව ඔහු පවසා තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>