ගාලූ පාරට මංතීරු 6ක් – මොනෝ රේල් සේවාවක්

null

කොළඹ නගරයේ රථවාහන ගැටලූවට විසඳුමක් ලෙස ගාලූ පාර මොරටුවේ සිට මංතීරු 06 ක් කිරීමට යෝජනා වී ඇති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.

ඒ අනුව මංතීරු දෙකක විශේෂ බස් රථ සේවාවක් යෙදවීමටද අපේක්ෂා කරන බවද ඔහු පවසයි.

ප්‍රවාහන අමාත්‍යාංශයේ ඊයේ (28) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වු ඔහු මේ බව සඳහන් කර තිබේ.

එමෙන්ම, රථවාහන තදබදයට විසඳුමක් ලෙස මොනෝ රේල් සේවාවක් ආරම්භ කිරීමටද සැලසුම් කරගෙන යන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

එම මාධ්‍ය හමුවට එක්වූ මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කර ඇත්තේ රථවාහන තදබදය හේතුවෙන් 2020 වසර වනවිට මෙරට ආර්ථිකය කඩාවැටීමේ අවදානමක් පවතින බවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>