ගාලූ වරායෙන් ආයුධ සමග නැවක් හමුවේ

null

ගාල්ල වරායේ නැංගුරම්ලා තිබෙන නැවක ගබඩා කර තිබූ ආයුධ තොගයක් පොලිස් භාරයට ගෙන තිබෙන බව නෙත් නිව්ස් වාර්තා කරයි.

‘මහනුවර නෞකාව’ නම් වූ එම නෞකාවේ අවි ආයුධ සහිත කන්ටේනර් 12ක් තිබී ඇත.

ගාල්ල දිස්ති‍්‍රක් නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ලැබුණු පැමිණිල්ලට අනුව මෙම සොයාගැනීම සිදුකරගෙන තිබෙන අතර පොලිසිය විසින් වැඩි දුර විමර්ශන ආරම්භ කර තිබේ.

අදාළ නෞකාවේ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි තොගයක් සහ රයිෆල් වර්ගයේ ගිිනි අවි තොගයක් සොයා ගෙන තිබේ. එම ආයුධ සඳහා බලපත‍්‍ර තිබේද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙන බව පොලිසිය පවසයි.

කෙසේ වෙතත් නෞකාවේ බලධාරීන් විසින් ප‍්‍රකාශ කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශය මගින් ලබාගත් අවසරයක් මත නෞකාවලට ආරක්ෂාව සැපයීම සඳහා පාවෙන අවි ගබඩාවක් මෙම නැව තුළ පවත්වාගෙන යන බවයි.

null
null
null

 

pics – ලංකාදීප

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>