24 Jan 2015
ගෑස් මිලත් අඩුවන ලකුණු
ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව ගෑස් මිල ද අඩු කිරීම සඳහා ලබන සතියේදී අදාළ සමාගම් සමග සාකච්ඡා කරන බව ආණ්ඩුව පවසයි.
කෙසේවෙතත් මෙම සාකච්ඡාවට පෙර පාරිභෝගික අධිකාරිය සඳහා අධ්යක්ෂ මණ්ඩලය පත්කළ යුතු බවයි ආහාර සුරක්ෂිතතා අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසා ඇත.
නව ආණ්ඩුවේ අතුරු අයවැය ලබන 29 වෙනිදා ඉදිරිපත් කෙරෙන අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 10ක මිල ගණන් එහිදී අඩු කෙරෙන බව ආණ්ඩුව මීට පෙර ප්‍රකාශ කළේය.
එමෙන්ම බස් ගාස්තුද ලබන සතිය වන විට අඩු කිරීම සඳහා පියවර ගන්න බව අදාල සමාගම් පවසා තිබේ.