ගිණුම් දත්ත සැපයීමට බැංකුව ඇ.ඩො 472,200ක් ඉල්ලයි
හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ වත්කම් හා බැරකම් නඩුවට අදාළ සාක්ෂි වශයෙන් දත්ත ලබාදීමට නම් අමෙරිකානු ඩොලර් 472,200ක් අවශ්‍ය බව අදාළ බැංකුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවසා තිබේ.
බැංකුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් එම කරුණු ඉදිරිපත් කර ඇති අතර අදාළ දත්ත ලබාදීමට නම් පරිගණක මෙහෙයුමක් කිරීමට අවශ්‍ය බැවින් හිටපු අග්රවිනිශ්චයකාරවරියට එම මුදල ගෙවීමට හැකි නම් දත්ත ලබාදිය හැකි බව දැනුම් දී තිබේ. එමෙන්ම මෙම තොරතුරු සැපයීමට වසර 4 ක් පමණ ගතවන බවද නීතිඥවරුන් පවසා ඇත.
හිටපු අගවිනිසුරුවරිය සිය වත්කම් හෙළි නොකළැයි අල්ලස් කොමිසමින් මෙම නඩුව පවරා ඇත.
එහිදී හිටපු අගවිනිසුරුවරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් පවසා ඇත්තේ උසාවි නියෝගයක් දුන් පසු එම නියෝගය ඉටුකිරීමට බැංකුව බැඳී සිටින බැවින් ඊට අවනතව තොරතුරු ලබාදිය යුතු බවයි.
කෙසේ හෝ මේ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා ශ්‍රී ලංකා මහබැංකුවේ පුද්ගලික බැංකු කටයුතු ඒකකයේ අධ්යක්ෂවරයාට දැනුම්දී ඇත්තේ මේ පිළිබඳව සොයාබලා නොවැම්බර් 3දාට කරුණු දක්වන ලෙසය.