ගිනි අවි පෙන්වා වෙළඳසැලක් කොල්ලකන හැටි

null

නාරම්මල – කුළියාපිටිය මාර්ගයේ ගනන්ගමුව ප්‍රදේශයේ පිහිටි වෙළෙඳ සැළකට සන්නද්ධ පුද්ගලයින් දෙදෙනෙකු ඇතුළු වී මුදල් හා රන් භාණ්ඩ ඇතුළු භාණ්ඩ තොගයක් කොල්ලකා පලා ගොස් තිබේ.

අදාළ කොල්ලකෑමට සම්බන්ධ සන්නද්ධ පුද්ගලයින් දෙදෙනා එම වෙළෙද සැලට පැමිණ ඇත්තේ පෙරේදා පස්වරු 5 ට පමණ.

ඔවුන්ගෙන් එක් අයෙකු සම්පූර්ණයෙන් මුහුණ ආවරණය වන හෙල්මට් එකක් පැළද සිටියද, අනෙක් පැළද සිටින්නේ සාමාන්‍ය හිස්වැස්මක් පමණයි. ඔවුන් ප්‍රථමයෙන් වෙළෙද සැලේ සේවිකාවන් දණ ගස්වනු ලබන අතර පසුව වෙළෙද සැලෙන් මුදල් ලබා ගන්නා මොවුන් අදාළ සේවිකාවන් පැළඳ සිටි රන් ආභරණද කොල්ල කනු ලබයි.

මෙම පුද්ගලයින් යතුරු පැදියකින් වෙළෙද සැල වෙත පැමිණෙන අතර පොලීසිය පැවසුවේ එම යතුරු පැදියද කුලියාපිටිය ප්‍රදේශයෙන් සොරා ගත් එකක් බවට තොරතුරු ලැබී ඇති බවයි.

මොවුන් දෙදෙනා එක් වෙළඳසැලකට ඇතුළු වී එහි සේවිකාවකට ගිනි අවි පෙන්වා ඇය බියගන්වා මුදල් පැහැරගන්නා ආකාරය සී.සි.ටී.වී කැමරාවක පැහැදිලිව සටහන්ව තිබේ. එම දර්ශන පහතින්…

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>