ගිරාගල කඳු මුදුනින් වැටී විදේශිකයෙකු මරුට

null

මිරිස්‌ස සංචාරක කලාපයේ නොගැඹුරු මුහුදේ පිහිටි ගිරාගල නමැති කඳු මුදුනෙන් මුහුදට වැටි ඉරාන ජාතිකයෙකු මියගොස් තිබේ.

ඔහුත් සමග තවත් ඉරාන ජාතිකයෙකු ගොස් තිබෙන අතර දෙදෙනාම මුහුදට අද වැටි තිබේ. පසුව විදේශීකයන් දෙදෙනකු ගිරාගල කඳු මුදුණෙන් පහළට මුහුදට ඇදවැටී ඇති බවට ලත් තොරතුරක්‌ මත ක්‍රියාත්මක වූ ඒ අසල පිහිටි මිරිස්‌ස වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් එම දෙදෙනා ගොඩට ගෙන ප්‍රථමාධාර ලබාදී මාතර රෝහලට ඇතුළත් කර තිබේ.

එහිදී එක් ඉරාන ජාතිකයෙකු මියගොස් තිබේ. ඔහු 24 හැවිරිදි පුද්ගලයෙකි.

මොවුන් දෙදෙනා වැල්ලවාය ප්‍රදේශයේ ව්‍යාපෘතියක සේවය කරන අතර වෙසක්‌ පොහොය දිනයේ ව්‍යාපෘතියට නිවාඩු දිනයක්‌ බැවින් මිරිස්‌ස මුහුදේ නෑමට පැමිණ සිටියදී මේ අනතුරට ලක්‌ව ඇත.

මෘතදේහය දැනට මාතර රෝහලේ තබා ඇති අතර පශ්චාත් සහ හදිසි මරණ පරීක්‍ෂණ එහිදී සිදු කිරීමට නියමිතය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>