28 Sep 2015
ගීතාගේ මන්ත්රීකමට උසාවියෙන් නොතීසි
ද්විත්ව පුරවැසිභාවය ලබා තිබීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව පවසමින් ගොනුකර තිබු පෙත්සමක් සම්බන්ධයෙන් ඔක්තෝබර් 19 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මියට අභියාචනාධිකරණය අද (28) නොතීසි නිකුත් කර තිබේ.
ඒ ගාල්ල දිස්ති‍්‍රක්කයේ ජන්දදායකයන් 05 දෙනෙකු ගොනු කළ පෙත්සමක් අද සලකා බැලූණු අවස්ථාවේදීයි.
මෙහි වගඋත්තකරුවන් ලෙස ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් ඇතුළු 4 දෙනෙකු නම් කර තිබේ.
මේ සම්බන්ධයෙන් කළ කරුණු විමසීමකදී ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කළේ තමන්ට ද්විත්ව පුරවැසි බව නොමැති බවත්, මෙම පෙත්සම නිසා ඉතිහාසයේ පළමු වරට උසාවි යාමට තමන්ට සිදුව ඇති බවත් ය.