ගීතාට පාර්ලිමේන්තු ආසනය අහිමිවෙයිද?

null

ගාල්ල දිස්ත්‍රික්කයෙන් ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ ජනප්‍රිය නිළි ගීතා කුමාරසිංහ මහත්මිය ස්විට්සර්ලන්තයේද පුරවැසිකම ලබා ඇති හෙයින් ඇයට මන්ත්‍රී ධූරයෙහි දිවුරුම් දීමට නොහැකි වෙතියි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිඥවරු පවසයි.

මෑතක දී සම්මත කර ගත් 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ, වෙනත් රටක ද ශ‍්‍රී ලංකාවේ ද පුරවැසියෙකු වන පුද්ගලයෙකු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස තෝරා පත් කර ගැනීමට සුදුස්සෙක් නොවන බව සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ආරංචි මාර්ග පවසනුයේ කුමාරසිංහ මහත්මිය නාමයෝජනා බාර දෙන අවස්ථාවේ බලපැවැත්වූ නීතිය අනුව එම ප්‍රශ්නය මතු කළත් ඇගේ නාම යෝජනාව අවලංගු කළ නොහැකි බවයි.

කෙසේ වෙතත් මේ පිළිබඳව විමසීමකදී ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කර ඇත්තේ තමන්ට තිබූ ස්විට්සර්ලන්ත පුරවැසිභාවය ඉවත් කරගෙන ඇති බවත්, ඕනෑම අයෙකුට ගැටළුවක් තිබේ නම් අධිකරණයට පැමිණෙන ලෙසත් ය.

ඇය වැඩි දුරටත් මෙසේද සඳහන් කර තිබේ…

‘මේක මොන විකාරයක්ද? මෙහෙම දෙයක් ගැන කිසිම නඩුවක් නෑ. පුළුවන්නම් ඔප්පු කරන්න කියන්න. නීත්‍යනුකූලව හරි පියවරවල් අරගෙනයි මම මෙතැනට ආවේ. මගේ සැමියා නිසා මට ස්විට්සර්ලන්ත පුරවැසි භාවය අවුරුදු 30ක් තිබුණා. ඒ රටේ නීතියක් හැටියට මිසක් මම කිසිම දිනක වෙනත් රටක පදිංචිවෙලා ඉඳලා නැහැ. ස්විට්සර්ලන්ත පුරවැසි භාවය විදියට ලැබුණෙත් පාස්පෝට් එකක් විතරයි. මගේ පුරවැසි භාවය මම මේ වසරේ ජූනි මාසය මුලදී ඉවත් කර ගත්තා. 19 වැනි ව්‍යවස්ථාව සම්මත වුණේ මැයි මාසයේ. එක එක ඕපාදූප වෙබ් අඩවිවලින් මට මඩ ගහනවා. ජනතාව ප්‍රතික්ෂේප කරපු, ජාතික ලැයිස්තුවෙන් පත්වෙන්න බලා ඉඳලා ඒකත් බැරිවුණු එක්තරා අපේක්ෂකයෙක් මට ලෙඩක් දාන්න මේවා ප්‍රචාරය කරනවා. මම එයාට කියනවා එන්න නීති මගින් කටයුතු කරන්න කියලා. මම ලියකියවිලි සහිතව ඔප්පු කර පෙන්නවා. මේක අපේ රටේ ජනතාව වෙනුවෙන් මම කරපු පරිත්‍යාගයක්. ඇයි මට විතරක් මඩ ගහන්නේ. තව අය ඉන්නවා වෙනත් රටවල පුරවැසි භාවය තබාගෙන පාර්ලිමේන්තුවට තේරී පත් වෙලා ඉන්න. එක්සත් ජාතික පක්ෂයෙත් ඉන්නවා සමහරු‘

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>