18 Feb 2016
ගුගල් බැලූනය ගම්පොළට කඩාවැටෙයි
ගූගල් සමාගමේ නවතම ව්‍යාපෘතිය වන “LOON PROJECT” හි සමාරම්භය සනිටුහන් කරමින් ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගනිමින් ගුවන්ගත කරනු ලැබූ වායු බැලූනය ගම්පොල – පුපුරැස්ස – කලුගල්වත්ත ප්‍රදේශයට ඊයේ (17) කඩා වැටී ඇත.
ගුවන්ගත කරනු ලබන වායු බැලූනයක රඳවන ලද සන්නිවේදන උපකරණ මගින් සුවිශාල ආවරණ කලාපටකට අන්තර්ජාල පහසුකම් සැපයීම මෙම වෘපෘතියේ අරමුණ විය.
කෙසේ වෙතත් පළමු ගූගල් බැලුනය සාර්ථක වූ බවත් එය ආරක්ෂිතව ගොඩබැස්වූ බවත් තොරතුරු තාක්ෂණ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ට්විටර් පණිවුඩයක් නිකුත්රරමින් සඳහන් කර තිබේ.
පසුගිය 15දා දකුණු අමෙරිකාවේ සිට ගුවන්ගතකරනු ලැබූ පළමු වායු බැලූනය 16දා වනවිට ශ්‍රීලංකාවේ ගුවන්සීමාවට ලඟාවී තිබුණි.