ගුරුවරයෙකුගෙන් 8 හැවිරිදි දැරියට ලිංගික අතවර

null

පිළියන්දල – සෝමවීර චන්ද්‍රසිරි ප‍්‍රාථමික විද්‍යාලයේ තුන්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 8 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසලේම ගුරුවරයෙක් අද පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

එම ගුරුවරයා රත්මලාන ප්‍රදේශයේ පදිංචි 50 හැවැරිදි පුද්ගලයෙක් වන අතර ඔහු එම පාසලේ පරිගණක විෂය විෂය උගන්වා තිබේ.

අතවරයට ලක්වූ දැරියගේ පන්ති භාර ගුරුවරිය කෙටි නිවාඩුවක් ලබාගෙන ඊයේ පෙරවරුවේ පාසලෙන් බැහැරව ගොස් තිබු අතර වෙනත් ගුරුවරියක් විසින් එම පන්තියේ සිසුන් අදාළ පරිඝනක කාමරය වෙත යොමුකර ඇත.

එහිදී සැකකාර ගුරුවරයා එම දැරියට ලිංගික අතවර සිදු කර තිබෙන බව පොලිසිය පවසයි.

මෙම සිද්ධියට විරෝධය පල කරමින් දෙමව්පියන් සහ ආදි සිසුන් පාසලට පැමිණමත සමග එහි උණුසුම් තත්වයක් හටගෙන තිබේ. බලහත්කාරයෙන් පාසලට ඇතුළු වී එම පිරිස සැකකාර ගුරුවරයා අල්ලාගෙන පහර දී තිබේ.

එම අවස්ථාවේදී එහි පැමිණි පිළියන්දල පොලිසිය ගුරුවරයා අත්අඩංගුවට ගත අතර හෙට දිනයේ ඔහු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අතරවරයට ලක්වූ බව කියන දැරිය කළුබෝවිල අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිත බවද පොලිසිය සඳහන් කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>