ගුරුවරියක් නිසා ගුරුන් දෙදෙනෙක් ගැටේ – එක් අයෙක් මරුට

null

නිට්ටඹුව – කෝන්ගස්දෙණිය ප‍්‍රදේශයේ නිවසකදී ඊයේ (15) රාත‍්‍රියේ ගුරුවරුන් දෙදෙනෙකු අතර සිදුවූ ගැටුමකින් පසු එක් ගුරුවරයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අනෙක් ගුරුවරයා පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙන බව හිරු නිව්ස් වාර්තා කරයි.

මිය ගිය ගුරුවරයා වේයන්ගොඩ ප‍්‍රදේශයේ පාසලක රාජකාරිය සිදුකරන අතර අනෙක් ගුරුවරයා නිට්ටඹුව ප‍්‍රදේශයේ ජනපි‍්‍රය පාසලක රාජකාරී කරමින් සිට ඇත.

නිට්ටඹුව පාසලේ ගුරුවරයා ඊයේ රාත්‍රියේ සාදයක් අවසන් වී නිවසට පැමිණෙන විට තම බිරිඳ සමග වේයන්ගොඩ පාසලේ ගුරුවරයා සිටිනු දැක ඇත. එයින් කෝපවූ ඔහු අදාල ගුරුවරයාට පහරදී තිබේ.

අනතුරුව මෙම ගැටුමෙන් පසු මියගිය ගුරුවරයාගේ සිරුර පොලීසිය සොයාගෙන තිබෙන්නේ අනෙක් ගුරුවරයාගේ නිවස අසල ඇලක පාවෙමින් තිබියදියි. මෙය ඝාතනයක්ද යන්න පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව තීරණය කළ හැකි බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් නිට්ටඹුව පාසලේ ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇත. ඔහුගේ බිරිඳද මියගිය ගුරුවරයාගේ පාසලේම ගුරුවරියක ලෙස සේවය කරමින් සිට ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>