ගුරුවරිය ඝාතනය කර දේවාල භුමියේ වල දැමු කපුවා

tamilteacher

පස්සර ගෝනකැලේ පදිංචිව සිට ඉකුත් පළමුවැනිදා අතුරුදහන්වූ කාන්තාව අභිරහස් ලෙස ඝාතනය කොට වලදමා ඇති බවට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගත බව පස්සර පොලිසිය පවසයි.

සැකකරු මිදුම්පිටිය නාග දේවාලයේ කපුවා ලෙස කටයුතු කරන අයෙකුය.

පසුගිය පළමු වනදා රැකියාවට ගොස් තම බිරිඳ නැවත නිවසට නොපැමිණීම නිසා එම කාන්තාවගේ සැමියා පොලීසියට පැමිණිල්ලක් කර තිබුණා. අධිකරණයෙන් ලද අවසරයක් මත මෙම කාන්තාවගේ දුරකථනයේ සටහන් වූ අංක පරීක්ෂා කළ පොලීසිය පසුව අදාළ දේවාලයේ කපුවා අත්අඩංගුවට ගත් අතර දේවාල භූමියෙන් කාන්තාව වළ දමා ඇති බවට සැකකරන ස්ථානයක් ද හඳුනාගෙන ඇත.

ඒ අනුව ඊයේ (15) බදුල්ල වැඩබලන මහේස්ත‍්‍රාත් සුමනා අමරසිංහ සහ බදුල්ල මහරෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ඉදිරියේ එම ගුරුවරියගේ මල සිරුර ගොඩ ගෙන ඇත.

කටඋත්තර ලබාගැනීම සඳහා පොලීසියට පැමිණෙන ලෙස සැකකරුට දැනුම් දී තිබේ. සැකකාර කපුවා පොලිසියට යන මුවාවෙන් පැමිණ පාරේ ගමන් කරමින් තිබු බස් රථයකට පැන සිය දිවි නසා ගැනීමට උත්සාහ කිරීම නිසා ඔහු මේ වන විට බදුල්ල මහරෝහලේ ප‍්‍රතිකාර ලබනවා. කෙසේ වෙතත්, බදුල්ල මහේස්ත‍්‍රාත් මහේෂිකා පි‍්‍රයදර්ශනී ද සිල්වා නියෝග කළේ සැකකරු මේ මස 27 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

මෙම කාන්තාව ඝාතනයට ලක්වූ දින එනම් පසුගිය පළමු වන දා සැකකරුගේ දේවාලයට ගොස් තිබෙ. ඒ මීට දින කිහිපයකට පෙර උණු වතුර ශරීරයට වැටී පිළිස්සුම් තුවාල සහිතව සිටින තම 6 හැවිරිදි දරුවා සදහා ශාන්තිකර්මයක් සිදුකර ගැනීමටයි. එම අවස්ථාවේදී ඝාතනය සිදුකර ඇති අතර ඇය පැළද සිටි ලක්ෂ ගණනක් වටිනා රත‍්‍රං සොරකම් කිරීමේ අරමුණින් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවටයි පොලීසිය සැක පළ කරයි.

ගොඩ ගත් කාන්තාවගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු පැවැත්වීම සඳහා බදුල්ල රෝහල වෙත රැගෙන ගොස් තිබෙ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>