ගුරුවරිය දණ ගැස්වූ සිද්ධියේ සාක්ෂිකරුවෙකුගේ සිරුර ළිඳක

well
නවගත්තේගම ඉසුරු මහා විද්‍යාලයේ ගුරුවරියක දණ ගැස්වීමේ සිද්ධියට සම්බන්ධ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකුගේ මළ සිරුර පාළු ළිඳක තිබී ඊයේ (01) හමුවූ බව නවගත්තේගම පොලීසිය ප‍්‍රකාශ කළා.
මියගොස් ඇති පුද්ගලයා දින කිහිපයක සිට අසල්වාසීන් විසින් දැක නැති අතර ඊයේ දහවල් ඔහුගේ නිවසට ආසන්න ළිඳක තිබී මළ සිරුර දැක ඇති අයෙකු විසින් ඒ බව පොලීසියට දන්වා ඇත. මිය ගොස් ඇත්තේ නවගත්තේගම රෝහල පාර පදිංචිව සිටි රාජකරුණා අබේරත්න මුදියන්සේලාගේ පුණ්‍යසෝම බණ්ඩාර නම් අයෙකි.

නවගත්තේගම නවෝද්‍යා මහා විද්‍යාලයේ විනය බාර ගුරුවරිය වූ ප්‍රියාණි සුසිලා හේරත් මහත්මියව වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මහතා විසින් පාසල තුළදී දණ ගැසීවීමේ සිද්ධියේ සිව් (04) වෙනි සාක්ෂිකරු වූයේ මිය ගොස් ඇති පුණ්‍යයසෝම බණ්ඩාර යන පුද්ගලයා බව වාර්තා වෙයි. මෙම නඩු විභාගයේදී ඉතාමත්ම වැදගත් සාක්ෂියක් එම පුද්ගලයා විසින් ලබා දී ඇති බව එම නඩු විභාගයෙදී පුත්තලම මහාධිකරණයේදී අනාවරණය විය.

කෙසේ වෙතත් මෙය ඝාතනයක් ද නැතිනම් සිය දිවි නසා ගැනීමක් ද යන්න තවමත් තහවුරු වී නැති අතර නවගත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>