ගුරුවරිය පැහැරගෙන ඇත්තේ පැරණි පෙම්වතා

null

මාතර – ඌරුබොක්ක – ඉන්දොල මංසන්ධියේදී ගුරුවරියක් පැහැර ගත් පැරණි පෙම්වතා එම ගුරුවරියද සමඟ අද (20) පස්වරුවේ ඌරුබොක්ක පොලීසියට භාරවී තිබේ.

සැකකරු කළකට පෙර අදාළ ගුරුවරියගේ පෙම්වතා බවත්, සරසවියේදී ඇරඹුණු එම ප්‍රේම සබඳතාව මීට වසර දෙකකට පෙර අවසන් වී ඇති බවත් පොලිසිය පවසයි.

බස් රථයෙන් බැස පාසලට පැමිණෙමින් සිටියදී ඊයේ උදෑසන 28 හැවිරිදි මෙම ගුරුවරිය වෑන් රථයකින් පැමිණි පිරිසක් පැහැරගෙන ගොස් තිබුණි.

පසුව පරීක්ෂණ සිදුකළ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් මුලින්ම අත්අඩංගුවට ගත්තේ සැකකරුගේ බාල සොහොයුරායි. ඔහු මේ වනවිට මොරවක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි.

අනතුරුව පැහැරගැනීමේ සිද්ධියට අදාළ වෑන් රථය සහ එහි රියදුරු සමඟ ඇඹිලිපිටියේදී පොලීසිය අත්අඩංගුවට ගත් අතර ඉන් පසුව පැහැරගැනීම සිදුකළ ගුරුවරියගේ පෙම්වතා ඇය සමඟ පැමිණ නීතීඥවරයෙකු මාර්ගයෙන් පොලීසියට භාරවී ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>