ගුවන් අනතුරකින් දිවි ගලවාගත් 7 හැවිරිදි දැරිය

null

ඇමෙරිකාවේ – කෙන්ටකි ප්‍රාන්තයේ සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් පසු එහි ගමන්ගත් වැඩිහිටි පුද්ගලයන් සිවු දෙනාම මියගොස් වයස අවුරුදු 7ක දැරියක් දිවි ගලවාගත් පුවතක් වාර්තා වෙයි.

විලක් ආසන්නයේ පිහිටි වනලහැබක් සහිත ප්‍රදේශයකට මෙම යානය කඩා වැටි ඇති අතර හාස්කමකින් මෙන් දිවි ගලවාගත් කුඩා දැරිය කෙන්ටකි ප්‍රාන්තයේ නිවසක් වෙත ඇවිද ගොස් සිද්ධිය පවසා ඇති අතර පසුව පොලීසිය පැමිණ පරීක්ෂා කිරීමේදී මළසිරුරු සමග විනාශවී ගිය යානය සොයාගෙන තිබේ.

මෙම අනතුරෙන් දැරියගේ දෙමව්පියන් සහ වැඩිමහල් සොයුරිය මියගොස් ඇත.

දැරිය වහාම රෝහල්ගත කළත් ඇයට සුළු තුවාලයක් හැර ජීවිතයට තර්ජනයක් වන තුවාලයක් නොවීම ආශ්චර්යයක් බව සිද්ධිය වාර්තා කරන විදෙස් වාර්තා පවසයි.

එරට ෆෙඩරල් ගුවල් පාලක ඒකකයට අනුව ගුවන් පාලකයන් යානය රේඩාර් තිරයෙන් මැකී ගිය බව දන්වා ඇත. පී.ඒ.-34 මාදිලියේ සැහැල්ලු ගුවන් යානයේ එන්ජිමේ දෝෂයක් පවතින බව නියමුවා අවසන්වරට පැවසීමෙන් පසු යානය රේඩාර් තිරයෙන් මෙසේ අතුරුදන්ව ඇත.

දිවි බේරාගත් කුඩා දැරිය දෙමව්පියන් සහ සහෝදරිය සමග

null
null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>