ගුවන් අනතුරින් දින 5කට පසු දිවි බේරාගත් මව හා බිළිඳා
දින පහකට පෙර කොලොම්බියානු වනාන්තරයකට කඩා වැටුණු සැහැල්ලු ගුවන් යානයක ගමන් කරමින් සිටි තරුණ මවක් සහ ඇගේ බිලිඳා සොයා ගැනීමට එරට බලධාරීන් සමත්වී තිබේ.
මාරි නෙලී මුරිල්ලෝ නමැති 18 හැවිරිදි මව හා ඇගේ දරුවා රැගත් යානය අනතුරට පත්ව තිබී ඇත්තේ චොකෝ වනගත පළාතේදීය.
ඔවුන් ගමන් ගත ගුවන් යානය ගුවන් ගත කර මිනිත්තු 20කට පමණ පසු පාලන මධ්‍යස්ථානය සමග තිබු සම්බන්ධතාව බිඳ වැටි ඇති අතර රේඩාර් යන්ත්‍ර වලට යානය හසු කරගැනීමට නොහැකි වී තිබේ. පසුව සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති අතර දින 2කට පසුව වනාන්තරයට කඩාවැටී තිබු යානය සොයාගැනීමට හැකිව තිබේ.
එහිදී ගුවන් නියමුවාගේ මලසිරිර සොයාගෙන තිබෙන අතර මව සහ බිලිඳා පිළිබඳව හෝඩුවාවක් ලැබී නොමැත. තව දුරටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමෙන් පසු ඔවුන් සොයාගැනීමට හැකිව තිබේ.
ඔවුන් බේරාගන්නා විට මව කැපුම් තුවාල කිහිපයක් හා පිළිස්සුම් තුවාල කිහිපයක් සමග සිටියත් දරුවා හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවූ බව ගුවන් හමුදාව පවසයි.