ගුවන් අනතුරින් මියගිය සෙබළුන්

null

අද උදෑසන හෝකන්දර – අතුරුගිරිය ප්‍රදේශයේදී සිදුවූ ගුවන් අනතුරින් එහි ගමන්ගත් ගුවන් හමුදා සෙබලූන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

ඉන් එක සෙබලෙක් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරුණු අතර දෙපා, දණ හිසෙන් පහල සහ එක් අතක වැලමිටෙන් පහල කොටස කපා ඉවත් කර තිබේ. ඔහු තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන බව වාර්තා වේ. මෙලෙස තුවාල ලබා සිටින්නේ ගාල්ල බද්දේගම ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන නායක ගුවන්භට ජී.කේ.එන් චතුරංගයි.

අනතුර සිදුවන අවස්ථාවේ යානයේ නියමුවා ලෙස කටයුතු කළේ ස්කොඞ්රන් ලීඩර් ජේ.එම්.ඩබ්ලිව්.එන් අබේවර්ධනයි. සහාය නියමු ෆ්ලයිට් ලෙෆ්ටිනන් ඒ.ඒ.ඞී.ටි අමරතුංග, ගුවන් හමුදා ඉංජිනේරු සැරයන් පි‍්‍රයන්ත සහ ගුවන් හමුදා කෝප‍්‍රල් විජේරත්න යන අය ද ජීවිතක්ෂයට පත්විය.

මෙහි ප්‍රධාන ගුවන් නියමුවා ලෙස කටයුතු කල වසන්ත අබේවර්ධන මහතා විවාහ වී මාස 2ක් පමණක් වන බව වාර්තා වේ. ඔහු විවාහ වී ඇත්තේ මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයාගේ ඥාති දියණියක වන නයොමි අලුත්ගමගේ මහත්මිය සමගයි. ඔහු කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිරුවෙකු වූ අතර අධ්‍යාපනය ළබා ඇත්තේ කොලඹ රාජකීය විද්‍යාලයෙන්ය.

ගුවන් යානයේ සහාය නියමුවා ලෙස කටයුතු කළේ පියාසර ලුතිනන් ඒ.ඒ.ඩී.ටී අමරතුංග මහතාය. ඔහු විවාහ වී සිටි අතර එක් දරු පියෙකි.හොරණ තක්ෂිලා විද්‍යාලයේ ආදි සිසුවකු වන ඔහු හොරණ උඩුව ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

ප්‍රධාන නියමු ස්කොඞ්රන් ලීඩර් වසන්ත අබේවර්ධන මහතා

null
null

සහාය නියමු ෆ්ලයිට් ලෙෆ්ටිනන් ඒ.ඒ.ඞී.ටි අමරතුංග මහතා

null
null

ගුවන් හමුදා ඉංජිනේරු සැරයන් පි‍්‍රයන්ත

null

ගුවන් නායක සෙබල එල්.ඒ.සී චතුරංග

null

ගුවන් හමුදා කෝප‍්‍රල් විජේරත්න

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>