ගුවන් අනතුරෙන් ප්‍රතිකාර ලබමින් සිටි සෙබළාත් මියයයි

null

හෝකන්දර – අතුරුගිරිය ප්‍රදේශයේ පසුගිය සතියේ සිදුවු ඇන්ටනොව් 32 ගුවන් අනතුරෙන් බරපතළ පිළිස්සුම් තුවාල ලබා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ගුවන් හමුදා සෙබළා මියගොස් තිබේ.

ගුවන් භට ජී.කේ එන් චතුරංග වන මෙම සෙබළා ඊයේ රාත්‍රියේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.

ඔහුගේ ජීවිතය බේරාගැනීම සඳහා වෛද්‍යවරුන් ශල්‍යකර්ම කිහිපයක්ද සිදු කල අතර එහිදී ඔහුගේ දෙපා සහ එක් අතක් වැලමිට ලගින් ඉවත් කෙරුණි. ඉන් අනතුරුව ඔහු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

පසුගිය දෙසැම්බර් 12 වැනිදා ගුවන් අනතුර සිදුවු අවස්ථාවේදිම ප්‍රධාන ගුවන් නියමුවා සහ සහායක නියමුවා ඇතුළු නිලධාරින් සිව්දෙනෙකු මියගියහ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>