ගුවන් අනතුරෙන් රෝහල්ගත කර භටයාත් මියයයි
අද උදෑසන හෝකන්දර අතුරුගිරිය ප්රදේශයේදී ඇන්ටොනොව් 32 ගුවන් යානා අනතුරින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළු කළ ගුවන් භටයාද මිය ගිය බව ලංකාදීප පුවත් වාර්තා කරයි.
මේ වනවිට යානයේ අනතුරින් මිය ගිය ගුවන් භටයින් තිදෙනෙක් හඳුනාගනු ලැබ සිටින අතර එක් අයකු ගොකරැල්ලේ සමන්ත අබේවර්ධන බවත් අනික් දෙදෙනා තරංග හා පීජී ශාන්ත බවත් ගුවන් හමුදා ආරංචි මාර්ග පවසයි.
අද උදෑසන 9ට පමණ අනතුර සිදුවූ ස්ථානයට ගිය කඩුවෙල මහෙස්ත්රාත් ධම්මික හේමපාල මහතා එහි මූලික පරීක්ෂණ පවත්වා පරීක්ෂණ පවත්වන ලෙස පොලීසියට නියෝග කළේය. මහේත්රාත් ධම්මික හේමපාල මහතා පවසන්නේ දැඩි මීදුම නිසා ගුවන් නියමුවාට ධාවන පථය නොපෙනෙන්නට ඇති බවයි.
මහේත්රාත් ධම්මික හේමපාල මහතා එම ස්ථානය පරික්ෂ කරන අයුරු

ඇන්ටනෝව් 32 ගුවන් යානය කඩා වැටෙන්නට තත්පර කිහිපයකට පෙර එය ලූනු මිදෙල්ල ගසක වැදී ගස දෙකට කඩා වැටුණු බව ප්රදේශවාසීන් පවසන අතර යානය ලුණු මිදෙල්ල ගසේ හැපීමත් සමඟ මහ හඩක් ඇසුණු බවත් එතැන සිට මීටර් 400ක පමණ දුරින් ගුවන් යානය වැටී තිබෙනු දුටු බවත් ඔවුන් පවසයි.
උදේ 6.10ට පමණ මෙම අනතුර සිදු වු මොහොතේම පොලීසියේ 119 හදිසි ඇමැතුම් ඒකකයට දැන්වු නමුත් බලධරයින් පැමිණියේ මිනිත්තු 45ක් පමණ ප්රමාද වී යැයිද ප්රදේශවාසීන් පවසයි. ඒ වනතුරු ඔවුන් වතුර භාජන රැගෙන ගින්න නිවීමට දැඩි උත්සහයක් ගෙන තිබේ.
මේ අතර ඒ ප්රදේශයේ දැඩි වාහන තදබදයක් පවතින බවද වාර්තා වේ.