ගුවන් තොටුපොල සේවක වර්ජනය අවසන් – ඉල්ලීම් ඉටුවේ

null

රුපියල් දස දහසකින් වැටුප් වැඩිකිරීම ඇතුලූ ඉල්ලීම් 5 ක් මුල් කරගනිමින් ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ගුවන් තොටුපල ශාඛාවේ සාමාජිකයින් ආරම්භ කළ වැඩවර්ජනය ඊයේ දහවල් අවසන් කලා. ඒ සිය ඉල්ලීම් දින වකවානු සහිතව ඉටුකිරීමට සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා ඇතුළු බලධාරීන් ලබාදුන් පොරොන්දුව මත බව ගුවන්තොටුපොළ නිදහස් සේවක සංගමයේ සභාපති එන්.ඩබ්ලිව්.බී.මුහන්දිරම් මහතා පවසයි.

වර්ජනය හේතුවෙන් ගුවන් තොටුපලේ කටයුතු ඊයේ උදෑසන 9 සිට පැය 4 ක කාලයක් ඇණහිටි අතර ගුවන් ගමන්වලටද එමඟින් එල්ලවුණේ දැඩි බාධාවක්. වර්ජනයේ නිරත සේවකයින්, ගුවන් තොටුපලේ විදුලිය විසන්ධිකිරීම නිසා මෙරටින් පිටවන මගීන් පරීක්ෂා කිරීමේ කටයුතුවලටද බාධා මතුවූ බව ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා කියා සිටියේය. ඒ අනුව කොළඹ සිට චීනයේ ෂැංහයි නුවර බලා දහවල් 12 ට සහ පස්වරු 2.30ට ලන්ඩන් නුවර දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් යානා දෙකක් ප‍්‍රමාද වී පියාසර කරවීමට සිදුවූ බව ඔහු සඳහන් කළේය.

පසුව ජනාධිපතිතුමාගේ උපදෙස් මත වර්ජකයන්ගේ ඉල්ලීම් පිළිබඳ සාකච්ඡුා කිරීම සඳහා සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න, ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න ඇතුලූ නියෝජිතයින් කිහිපදෙනෙකු ගුවන් තොටුපල පරිශ‍්‍රයට පැමිණි අතර අනතුරුව පැවති සාකච්ඡුාවේදී රුපියල් 8 000 කින් සිය වැටුප් ඉහළ දැමීමට අමාත්‍යවරයා එකඟවූ බව ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ගුවන් තොටුපල ශාඛාවේ ලේකම් දිනේෂ් නන්දික පෙරේරා පවසයි.

null
null
null
null

ඡයාරූප – ලංකාදීප

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>