16 Jul 2015
ගුවන් යානයක් කටුනායකදී හදිසියේ ගොඩ බස්වයි
ඩුබායි සිට ඔස්ටේ්රලියාව බලා ගමන් ගත් ගුවන් යානයක් කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළට හදිසියේ ගොඩබස්වා තිබබේ.
එමිරේට්ස් සමාගමට අයත් ඩුබායි සිට ඔස්ට්‍රේලියාව බලා පියාසර කරමින් සිටි මගීන් 468ක් හා කාර්යමණ්ඩලය 35ක් රැගත් A380 ගුවන් යානයක් මෙලෙස ඊයේ (15) පස්වරුවේ ගොඩබස්වා තිබේ.
ඔස්ටේ්රලියානු ජාතික 75 හැවිරිදි ගුවන් මගියෙකුට හදිසියේ හෘදයාබාධයක් වැලඳීම නිසා ගුවන් යානය එලෙස ගොඩබස්වා තිබෙන අතර ඔහු මීගමුවේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇත.
කෙසේ වෙතත් පැය භාගයක පමණ කාලයකින් පසු ගුවන් යානය යළි ඔස්ටේ්රලියාව බලා පියාසර කළ බව වාර්තා වේ.