ගුවන් සංදර්ශනයකදී යානයක් කඩා වැටී 7ක් මරුට – Video

null

එංගලන්තයේ – සසෙක්ස් ප්‍රාන්තයේ ඊයේ (23) පැවති ෂෝහම් ගුවන් සංදර්ශනයේදී ජෙට් යානයක් කඩා වැටී පුද්ගලයන් හත්දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

Hawker Hunter T mark 7 නම් මෙම ජෙට් යානය ගුවන්ගත වී තත්පර කිහිපයක් ඇතුළත අනතුර සිදුව ඇත.

එංගලන්තයේ West Sussex හි A27 නම් මාර්ගයට මෙම යානය කඩා වැටී අතර එම අවස්ථාවේ මාර්ගයේ ධාවනය වෙමින් තිබූ රථ වාහන වලට ද දැඩි ලෙස අලාභහානි සිදුව තිබේ.

එම වාහනවල සිටි පුද්ගලයන් මියගොස් සිටි අතර තවත් පුද්ගලයන් 14 දෙනෙකු සිද්ධියේදී තුවාල ලබා තිබේ.

Andy Hill නම් අනතුරට පත් වූ ගුවන් යානයේ නියමුවා අසාද්‍ය තත්වයෙන් ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>