ගෙදරට ආ පොලිසියට කාන්තාවක් කැත්තෙන් කොටන්න ගිය හැටි

null

අනුරාධපුර නිරාවිය ප්‍රදේශයේ ගංජා වැටලීමකට ගිය අනුරාධපුර පොලිසියේ දූෂණ හා වැටලීම් අංශයේ නිලධාරීන් පිරිසකට ගංජා අලෙවි කරන බවට චෝදනා ලැබූ කාන්තාවක් විසින් කැත්තකින් පහරදීමට උත්සාහ කර තිබේ.

එම කාන්තාව කඩුවකින් පහර එල්ල කරද්දී ඒ අසල තිබූ උණ බටයකින් ප්‍රති ප්‍රහාර එල්ල කරමින් ඇය මැඩ පවත්වා ගැනීමට පොලිස් නිලධාරීන් දෙදෙනා සමත් වී තිබේ.

පසුව ඇය සන්තකයේ තිබුණා යැයි කියන ගංජාද කඩුවක්ද යතුරු පැදියක්ද සමග ඇය අත් අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසියේ දූෂණ හා වැටලීම් අංශය පවසයි.

අත්අඩංගුවට ගත් කාන්තාව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අපා මත මුදාහැර තිබේ.

null
null
null
null

Pics – ලංකාදීප

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>