ගෙදරට බොරු කියා නාන්න ගිය තරුණයන් දෙදෙනා දියේ ගිලී මරුට

null

මස්කෙළිය මාවුස්සාකැලේ ජලාශයේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙකු් අද උදෑසන එම ජලාශයේ ගිලී මරණයට පත්වී තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ රාජේන්ද්‍රන් යෝගේෂ්වරන් (19) සහ විජේරත්නම් ක්‍රිෂ්ණසේන කුමාර් (17) යන දෙදෙනායි.

මස්කෙළිය කුයින්ස්ලන් වතුයායේ පදිංච් මෙම තරුණයන් දෙදෙනා සෙල්ලම් කිරීමට යන බව පවසා නිවසින් පැමිණ ඇත. එක් තරුණයෙක් ජලාශයේ ගිලෙනවාත් සමගම ඔහුව බේරාගැනීමට අනෙක් තරුණයා උත්සාහ කිරීමේ දී දෙදෙනාම ජලාශයේ ගිලී ඇති බව අනතුර පිළිබඳව පරීක්‍ෂණ පවත්වන මස්කෙළිය පොලීසිය සඳහන් කරයි.

ජලාශයේ ගිලුනු එම තරුණයන් දෙදෙනාගේ සිරුරු දෙක ප්‍රදේශවාසීන් එක්ව අද පස්වරු 1 ට පමණ ගොඩගෙන තිබේ. මෙම මරණ පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට මස්කෙළිය පොලීසිය කටයුතුකර තිබේ.

null
null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>