ගෙයක් බිඳ ගත් සල්ලිවලින් චාරිකා ගිය පාසල් සිසුන් 4ක් දැලේ

null

නිවසක් බිඳ රුපියල් 2,30,000 ක මුදලක් සොරකම් කළ බව කියන වයස අවුරදු 14 ක පාසල් සිසුවෙකු ඇතුළු බාල වයස්කාර සැකකරුවන් සිව් දෙනෙකු මුන්දලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මුන්දලම පොලිස් වසමේ උඩප්පුව ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකු සහ ඔහුගේ මිතුරන් තිදෙනෙකි. අත්අඩංගුවට ගෙන ඇති සෙසු සැකකරුවන් වයස අවුරුදු 16,17 සහ 19 පසුවන අයවළුන් බව පොලීසිය කියයි.

පසුගිය 15 වැනිදා උඩප්පුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන එස්.රගුපති යන අයගේ නිවස බිඳ එහි තිබූ මුදල් සොරකම් කර තිබූ අතර තම නිවසේ සිදුවී ඇති මුදල් සොරකම සම්බන්ධයෙන් සොයා බලා ඇති ව්‍යාපාරිකයා 18 වැනිදා මේ බව පැමිණිල්ලක් කරමින් මුන්දලම පොලීසියට පවසා තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක වී ඇති මුන්දලම පොලීසියේ නිලධාරීන් මුලින්ම සැකපිට වයස අවුරුදු 14 ක් වන පාසල් සිසුවා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී සෙසු සැකකරුවන් සම්බන්ධයෙන්ද තොරතුරු හෙළිවී ඇති බවත්,ඒ අනුව ඔවුන්වද පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

තම කණ්ඩායම විසින් මෙම නිවස බිඳ මුදල් සොරකම් කිරීමෙන් පසුව වෑන් රථයක් කුලී පදනම මත ලබා ගෙන විනෝද චාරිකාවක නිරත වූ බවත්,එම චාරිකාව අතර දුරකථන 04 ක් සහ ඇදුම් පැළදුම්ද මිළදී ගත් බවත්,ඉතිරි මුදල් ආහාර පාන ලබා ගැනීම සඳහා වියදම් කළ බවත් සැකකරුවන් පොලීසිය හමුවේ පවසා ඇත.

ඒ අනුව මෙම සැකකරුවන් විසින් මිලදී ගෙන තිබුණු දුරකථන 04 ක් සහ ඇඳුම් පැළදුම්ද පොලිස් බාරයට ගෙන තිබේ.

සැකකරුවන් පුත්තලම දිසා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. මුන්දලම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>