ගෙල හරහා ලී ඉන්නක් ඇනුණු සිසුවා ජිවිතක්ෂයට

null

ලී ඉන්නක් ඇනීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේදී සැත්කමකට භාජනය කළ කළුතර – බුලත්සිංහල පාසල් සිසුවා අද උදෑසන 10.00ට පමණ ජිවිතක්ෂයට පත් වූ බව කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබේ.

16 හැවිරිදි තුෂාර ඉඳුනිල් සිය බාප්පා සමඟ කුඹුරට ගිය අවස්ථාවේදී අඹ කැඞීමට අසල පිහිටි ගසකට නැග තිබේ. ඉන් ඇද වැටුණු සිසුවා මාන පඳුරකට ඇද වැටී ඇති අතර, එහි තිබූ ලී ඉන්නක් ඔහුගේ ගෙළ හරහා පපු ප්‍රදේශයට ඇතුලූ වී තිබේ.

අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ සිසුවා පැය 6ක ශල්‍යකර්මයකින් පසු පපුව ප්‍රදේශයට ඇනී තිබූ ලී ඉන්න ඉවත් කර තිබුණි.

ඉන් අනතුරුව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද උදෑසන මෙලෙස ජිවිතක්ෂයට පත්ව තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>