ගොලෆ් පිටියේ සේවකයකු ඝාතනයේ ප්‍රධාන සැකකරු දැලේ

null

බොරැල්ල ගොලෆ් ක්‍රීඩාංගණයේ සේවය කළ තරුණයා කපා කොටා ඝාතනය කළ ප්‍රධාන සැකකරු ඝාතනය සිදුවී පැය 48 ක්‌ ගතවන්නට පෙර බොරැල්ල පොලිසිය මගින් ඊයේ (07) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම තරුණයා පැළැඳ සිටි රන් මාලය අත් පළඳනාව සහ මුදුව කොල්ලකෑම සඳහා ඔහු ඝාතනය කළ බව සැකකරු පොලිස්‌ ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු යුද හමුදාවෙන් පලා ගිය අයෙකි. මොහු ඝාතනයට ලක්‌වූ චමින්ද පෙරේරා යන අයගේ නිවස අසල පදිංචි ඔහුගේම මිතුරෙකි.

මුදල් නොමැතිකම නිසා සැකකරු චමින්ද පෙරේරා මරාදමා ඔහු සතුව තිබූ රන් ආභරණ කොල්ලකෑමට සැලසුම් කර ඇත.

පසුව දුරකථන ඇමතුමක්‌ දී චමින්ද පෙරේරා ගොලෆ් ක්‍රීඩාංගණය අසලට ගෙන්වාගෙන ඔහුට මන්නා පිහියකින් පහරදී මරාදමා රන් ආභරණ පැහැරගෙන සැකකරු පලාගොස්‌ තිබේ.

පොලිසිය ජංගම දුරකථන අංකයක්‌ ඔස්‌සේ කළ පුළුල් විමර්ශනයකදී සැකකරු හඳුනාගෙන ඇත.

සැකකරු බදුල්ල ප්‍රදේශයට පලායමින් සිටියදී ඔහු පසුපස ලුහුබැඳ ගිය පොලිස්‌ නිලධාරීන් බදුල්ල බස්‌රථය තුළදීම අත්අඩංගුවට ගෙන තිබේ.

(හේමන්ත රන්දුණු)

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>