ගෝඨාභය අපරාධ කිහිපයකට සම්බන්ධයි – මර්වින්

null

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අද හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් භාර දෙන ලදී.

පසුගිය කාලසීමාව තුළ සිදු වූ ඝාතන සහ පැහැරගෙන යාමේ සිද්ධීන් කිහිපයක් සම්බන්ධව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන බව නෙත් නිව්ස් වාර්තා කරයි.

එහිදී මාධ්‍යවේදීන් හමුවේ මර්වින් සිල්වා මහතා ප්‍රකාශ කර ඇත්තේ “මට පහුගිය කාලයේ ගෞරවනීය මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවේ බැසිල් රාජපක්ෂ මහතාත් ගෝඨාභය රාජපක්ෂත් කෙනිත්තුවා“ යනුවෙනි.

මේක පලිගැනීමක් නොවන නමුත් එහෙත් බැසිල් හා ගෝඨාභය තමන්ගෙන් පලිගත් බවත්, පසුගිය කාලයේ සිදුවූ ප්‍රධාන පෙළේ ඝාතන කිහිපයකට හිටපු ආරක්ෂක ලේකම්වරයා වගකිව යුතු බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබේ.

මෙයින් තම ජීවිතය නැති විය හැකි බවත්, ඇත්ත ප්‍රකාශ කරලා ජීවිතය නැති වුණත් ප්‍රශ්නයක් නැති බවත් ඔහු අවධාරණය කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>