ගෝඨාභය දේශපාලනයට ඒමට සැරසෙයි

null

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධවන වීමට තීරණය කර ඇති බව පවසයි.

ශ්‍රී ලංකා මිරර් වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

තමාට අවශ්‍යව ඇත්තේ යම්කිසි සේවාවක් රටට කිරීම බවත්, නිලධාරියකු වශයෙන් එය සිදු කළ හැකි බවට තමා තුළ විශ්වාසයක් තිබූ බවද එය තම සේවා කාලයේදි සිදු කළ බවත්, ඉදිරියේදී දේශපාලනයට පිවිස එය තවදුරටත් සිදු කිරීම තම අරමුණ බව ඔහු සඳහන් කර තිබේ.

මූලික වශයෙන්ම ක්‍රියාකාරී දේශපාලනයට පැමිණීමට තමාට අදහසක් නොතිබුණ බවත්, විවිධ හේතූන් හා බොහෝදෙනාගේ ඉල්ලීම මත අවසනයේ මේ තීරණයට එළඹි බවද හෙතෙම පවසන අතර දේශපාලනයට පැමිණීමට තමා තවමත් පක්ෂයක් තෝරාගෙන නොමැති බවද වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>