ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගත හැකියි
ඇවන්ට්ගාඩ් සමාගම පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට උපදෙස් ලබාදෙන ලෙස අතිරේක සොලිසිටර් ජනරාල් වසන්ත නවරත්න බණ්ඩාර නීතිපතිවරයා වෙත වාර්තාවක් යොමුකර ඇති බව හිරු නිව්ස් වාර්තා කරයි.
අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙම වාර්තාව සකස් කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ සමාගම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන පදනම් කර ගනිමින්.
ඇවන්ට්ගාඩ් සමාගම කුලියට ගත් මහනුවර නැමැති නෞකාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනය අනුව මෙම වාර්තාව සකස් කර තිබේ.
මෙම වාර්තාව මගින් නිර්දේශ කරන්නේ නිශ්ශංක සේනාධිපති,මංජුල කුමාර යාපා,ගෝඨාභය රාජපක්ෂ, ඩී.එම්.එස්. ජයරත්න සහ විශ්රාමික මේජර් ජෙනරාල් පාලිත ප්රනාන්දු අත්අඩංගුවට ගෙන මහේස්ත්රාත්වරයෙකු හමුවට ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදෙන ලෙසයි.