චන්ද්‍රිකාට ප්‍රභාකරන් මිස්ට ප්‍රභාකරන් වූ හැටි

null

යාපනය කිට්ටු ක‍්‍රීඩාංගනයෙදී පැවැත්වූ රැලියක් අමතමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය කොටි ත්‍රස්තවාදී නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ට මිස්ටර් ප‍්‍රභාකරන් යනුවෙන් අමතන ලදී.

පෙරේද (30) යාපනයේ පැවති මෙම ජන හමුවේදී ඉංග්‍රීසියෙන් ජනතාව ඇමතූ කුමාරණතුංග මහත්මිය ප්‍රකාශ කලේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු උතුරේ අධි ආරක්‍ෂිත කලාපයට අයත් ඉඩම් යලි ජනතාවට පවරා දෙන බවයි.

ඇය වැඩි දුරටත් ප්‍රකාශ කලේ යුද්ධය පැවති සමයේදී ඇතිවූ සිද්ධීන් පිළිබඳව තමන් කණගාටුවට පත්වන බවත්, දෙමල ජාතික සන්ධානය මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය දැක්වීමට එක්වීම පිළිබඳව සතුටු වන බවත්ය.

කුමාරණතුංග මහත්මිය එහිදී ප‍්‍රභාකරන්ට මිස්ටර් ප‍්‍රභාකරන් යනුවෙන් අමතන විට රැස්ව සිටි පිරිසගෙන් ප්‍රීති ඝෝෂා එල්ල විය.

එම වීඩියෝව පහතින්.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>