චන්ද්‍රිකා ඉන්දීය අගමැති හමුවේ

null

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට සහ ඉහළ තලයකට රැගෙන ඒමට බලාපොරොත්තු වන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා කියයි.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ සැබෑ සංහිඳියාවක් ගොඩනැගීම සඳහා ඉන්දියාවට තවදුරටත් වැදගත් කාර්යභාරයක් ඉටු කිරීමට ඇති බවද හෙතෙම පෙන්වාදී තිබේ.

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡාවක් ඊයේ නවදිල්ලි නුවර දී පවත්වා ඇති අතර එහිදී එම අදහස් පළකර තිබේ.

හිටපු ජනාධිපතිනිය ඉන්දියාවට ගොස් ඇත්තේ ගැටුම් වැළැක්වීම සහ පරිසර හිතකාමීභාවය වෙනුවෙන් හින්දු සහ බෞද්ධ ගෝලීය ක්‍රියාමාර්ගයක් සඳහා වන ජාත්‍යන්තර සම්මන්ත්‍රණයට සහභාගි වීම සඳහායි.

මෙහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සම්බන්ධතාවය ශක්තිමත් කිරීම සඳහා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සිදුකරන ලද සේවාව පිළිබඳව ද සිය ස්තූතිය පළ කර ඇත.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ දෙරට අතර පවතින දිගුකාලීන සබඳකම් ඉතිහාසය සහ සංස්කෘතිය තවදුරටත් ශක්තිමත් කරගැනීමට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමග ඉතා සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.

මේ අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සැප්තැම්බර් දෙවන සතියේ ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිත බවද වාර්තා වෙයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>