01 Jul 2015
චන්ද්‍රිකා මහ මැතිවරණයට එයි
මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉදිරිපත් වීමට හදිසියේ තීරණයක් ගෙන ඇතැයි දේශපාලන ආරංචි සඳහන් කරයි.
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ලේකම් පී.දිසානායක මහතාද ඇය මැතිවරණයට තරඟ කිරීම සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා සත්‍ය බවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ශ්‍රී.ල.නි.ප. තුළින් නාමයෝජනා දීම සිදුකළහොත් හිටපු ජනාධිපතිනිය වන චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියද අගමැති අපේක්ෂකත්වය සඳහා ඉදිරිපත්වන බවත් පවසයි.