චන්දිමාල්ට ඉදිරි තරඟ අහිමිවෙයිද?

null

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු දිනේෂ් චන්දිමාල්ට සති තුනක පමණ කාලයක් ක්‍රිකට් පිටියෙන් ඈත්ව සිටීමට සිදුවෙනු ඇතැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු මයිකල් ඩි සොයිසා පවසා තිබේ.

විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

දිනේෂ් චන්දිමාල් පිළිබඳව අවසන් තීරණයක් පැය 48ක කාලයක් තුළදී ගැනීමට නියමිත බවද ඔහු වැඩි දුරටත් සඳහන් කර ඇත.

චන්දිමාල් ඊයේ (08) ඔස්ට්‍රේලියාවට එරෙහි පැවැති තරගයේදි කළවයේ ආබාධයකට ලක්විය. ඔස්ට්‍රේලියාවට එරෙහිව වේගවත් ඉනිමක් දියත් කළ චන්දිමාල් ආබාධ තත්ත්වය හේතුවෙන් පිටියෙන් ඉවත්ව නොගියානම් තරගයේ ප්‍රතිඵලය බොහෝ විට ශ්‍රී ලංකාවට වාසිදායක වීමට අවස්ථාවක් තිබූ බව ක්‍රිකට් විචාරකයන්ගේ මතයයි.

ඊයේ ඔහු මුහුණ දුන්නේ සිය පළමු ලෝක කුසලාන ඉනිමට වන අතර එහිදී ඔහු පන්දු 22කදී ලෝක කුසලාන තරගාවලියක වේගත්ම සිවුවැනි අර්ධ ශතකයද රැස්කිරීමට සමත්විය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>