චන්දි – තිරි නොගැනීමට හේතුව මාලිංග කියයි

null

ලබන වසරේ ඉන්දියාවේ පැවැත්වෙන පන්දුවාර විස්ස ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් කිරීම පාකිස්තානු තරඟාවලියේ සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා පන්දුවාර විස්ස ක්‍රිකට් නායක ලසිත් මාලිංග පවසයි.

පකිස්ථානය සමඟ අද ආරම්භවන විස්සයි විස්ස තරඟාවලිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

අද පුවත්පත වාර්තා කරන පරිදි ඔහු වැඩි දුරටත් මෙසේ ප්‍රකාශ කර තිබේ…

“ශ්‍රී ලංකා සංචිතයට නවක ක්‍රීඩකයන් කිහිපදෙනෙකු ඉන්නවා. මම හිතන්නේ එය ක්‍රිකට් අනාගතය වෙනුවෙන් ගත් හොඳ තීරණයක්. එළඹෙන ලෝක කුසලාන තරගාවලියට පෙර අපට තිබෙන්නේ තරග දහයක් පමණයි. අපි දැනගෙන ඉන්න ඕන එළියෙ ඉන්න නවකයන්ගේ දක්‍ෂතා, ඔවුන් ජාත්‍යන්තර තරගවල කොහොම ක්‍රීඩා කරයිද කියලා. එමනිසා මේ තමයි අත්හදාබැලීම්වලට තිබෙන හොඳම තරගාවලිය”

විස්සයි20 සංචිතයෙන් දිනේෂ් චන්දිමාල් හා ළහිරු තිරිමාන්න ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙහිදී මාලිංගගෙන් විමසා සිටි අතර, එහිදී ඔහු පවසා සිටියේ ඔවුන්ගේ (චන්දිමාල්/තිරිමාන්න) දක්‍ෂතා දැක තිබෙන බැවින් නවකයන්ගේ දක්‍ෂතා මැනබැලීමට මේ තීරණය ගත් බවයි.

“කණ්ඩායම් නායකයා නිසා මට තේරීම්වලට සහභාගිවෙන්න අවස්ථාවක් ලැබුණා. ඉන් පසු ගත් තීරණ ගැන ඕනෑම කෙනෙකුට අදහස් දක්වන්න අවස්ථාවක් තිබෙනවා. නමුත් නායයෙකු විදියට මටත් තේරීම් කමිටුවටත් අරමුණක් තිබෙනවා අපි කොතැනටද යා යුත්තේ කියලා. ලෝක කුසලාන තරගාවලියට තියෙන්නේ මාස 06ක පමණ කාලයක්. එමනිසා හිටපු ක්‍රීඩකයන්ගේ දක්‍ෂතා අලුතින් බලන්න හේතුවක් නැහැ. නමුත් නවක ක්‍රීඩකයන්ව බලාගත යුතුයි”

“මගේ දක්‍ෂතා අතරට එන්න නැවතත් මම උත්සාහ කරනවා. ඉදිරියේදී නායකත්වයටත්, තේරීම් කමිටුවටත් හිතුණොත් හොඳයි කියලා එක්දින කණ්ඩායමට එක්වෙන්න බලාපොරොත්තු වෙනවා. නමුත් ලොකු බලාපොරොත්තු නැහැ, ලැබුණු තරගයක් ක්‍රීඩාකිරීමේ බලාපොරොත්තුව පමණයි තිබෙන්නේ. ඒ වගේම මම හිතනවා මට වඩා හොඳ පන්දු යවන්නෝ ලංකාවේ ඇති කියලා. දැනටත් මට වඩා හොඳ පන්දු යවන්නෝ ලංකාවේ ඉන්න පුළුවන්. ඔවුන් එක්ක කරට කර තරග කරන්න ආසයි”

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>