චමල් විපක්ෂ නායක වන ලකුණු

null

නව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය චමල් රාජපක්ෂ මහතා වෙත පැවරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

තමන්ට විපක්ෂ නායක ධුරය හිමි විය යුතු බවට දෙමළ ජාතික සන්ධානය කරන ප‍්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහලේකම් දුමින්ද දිසානායක මහතා සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ වැඩි මන්ත‍්‍රී ධුර සංඛ්‍යාව හිමි පක්ෂයට විපක්ෂ නායක ධුරය හිමි විය යුතු බව යි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වැඩි පිරිසක් කැමැත්තෙන් විපක්ෂයේ හිඳ ගතතොත් ඒ අයට විපක්ෂ නායක ඉල්ලීමේ අයිතියක් ඇති බවත් කතානායකට එය පිළිගැනීමට සිදුවෙන තත්ත්වයක් ඇති බවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික එස්.බී. දිසානායක මහතා පවසයි.

එමෙන්ම දෙමළ ජාතික සන්ධානය තුළ වැඩි මන්ත්‍රීධූර සංඛ්‍යාවක් තිබේ නම් විපක්ෂ නායකකම ඔහුන්ට දීම ප්‍රශ්නයක් නැති බවත් හෙතෙම සඳහන් කර තිබේ.

ජනතා විමුක්ති පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින නිහාල් ගලප්පත්ති මහතා ද ප්‍රකාශ කර ඇත්තේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සහ දේශපාලන සදාචාරය අනුව මෙවර විපක්ෂ නායක පදවිය හිමිවිය යුත්තේ දෙමළ ජාතික සන්ධානයට බව යි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>