07 Aug 2015
චම්පිකගේ උපන්දිනයට මනාප අංකය දැමූ චොකලට් ඩෝනට්ස්
ඇමැති චම්පික රණවක මහතා සිය ජීවිතයේ අඩසියවස සපිරුණු ඉකුත් 04 වැනිදා විශාල වියදමක් දරා සියලුම මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ආයතනවල සේවකයන්ට චොකලට් ඩෝනට් පෙට්ටි ගණනක් එවා තිබෙන බව මව්බිම පුවත්පත වාර්තා කරයි.
එම ඩෝනට්වල විශේෂත්වයක් වූයේ ඔහුගේ මනාප අංකයද චොකලට්වලින්ම සනිටුහන් කර තිබීමය. ඉතිහාසයේ මේ අයුරින් උපන් දිනයක් සැමරූ පළමු අවස්ථාව මෙය වේ.
මේ උපන්දින සැමරුමේ තවත් විශේෂත්වයක් වූයේ ඇතැම් මුද්‍රිත මාධ්‍ය ආයතනවල කර්තෘ, ප්රවෘත්ති කර්තෘ හා විශේෂාංග කර්තෘවරුන්ටත් විද්‍යුත් මාධ්‍ය ආයතනවල ප්රවෘත්ති අංශයේ ප්රධානීන්ටත් ඉහළ වටිනාකමකින් යුත් ජංගම දුරකතනය බැගින් උපන් දින තෑග්ගක් පිරිනමා තිබීමය.
උපන් දින උත්සවයකදී සාමාන්‍යයෙන් සිදුවන්නේ උපන් දිනය සමරන පුද්ගලයාට තෑගි දීම වුවත් චම්පිකගේ උපන් දින උත්සවයේ සිදුව තිබෙන්නේ එහි අනෙක් පැත්තයි.