චම්පිගේ සැලුන් එකේ ලිපිකාරිණිය කෝටියකට විදලා මාට්ටු

null

ප්‍රකට රූපලාවන්‍ය ශිල්පිණී චම්පි සිරිවර්ධනට අයත් රූපලාවන්‍ය ආයතනයෙන් රුපියල් එක්කෝටි හාර ලක්ෂ පනස්නවදහස් තුන්සිය හැටක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එහි ගිණුම් ලිපිකාරිනියක ලෙස සේවය කළ කාන්තාවක් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මුදල් වංචාව සම්බන්ධයෙන් පසුගිය ජූලි 24 දින චම්පි විසින් රහස් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර ඒ අනුව සිදු කළ පරීක්ෂණයෙන් පසු එම සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.

51 හැවිරිදි එන්.ආර් සන්ධ්‍යා නමැති සැකකාරිය මනාලියන් හැඩගැන්වීම මෙන්ම මංගල්‍ය කටයුතු සඳහා වාහන කුලියට සපයන මෙම ආයතනයේ ගිණුම් ලිපිකාරිනිය ලෙස වසර දෙකක කාලයක් එම ආයතනයේ සේවය කර ඇති බව වාර්තා වේ.

ඇය ආයතනයට ලැඛෙන මුදල තවත් කාන්තාවක සමග හවුල්වී වෙනත් ගිණුමක තැන්පත් කරන ආකාරයට උපායශීලී ලෙස කාලයක් තිස්සේ මෙම වංචාව සිදු කර ඇති බව පරීක්ෂණ වලදී අනාවරණයවී තිබේ.

සැකකාරියන් දෙදෙනා රහස් පොලිසිය විසින් කොළඹ අලූත්කඩේ අංක 02 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන අතර රහස් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>