චාර්ල්ස් – ඩයනා යුවළගේ දියණියක් ගැන හෙළිදරව්වක්

null

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාර්ල්ස් කුමරුට සහ පළමු බිරිඳ වූ ඩයනා කුමරියට දාව විලියම් සහ හැරී කුමරුන් දෙදෙනාට පෙර රහසිගතව දියණියක් බිහි වූ බවට අමෙරිකානු සඟරාවක තොරතුරු පළ කර තිබේ.

චාර්ල්ස්ගේ ශුක්‍රානු සෛල සහ ඩයනාගේ ඩිම්බ සෛල එක් කර කළලයක් නිපදවා ඇති අතර එය දැරියක බිහි වන කළලයක් බව හඳුනා ගැනීමෙන් පසුව එම කළලය විනාශ කිරීමට උපදෙස් දී ඇති බව එම සඟරාවෙන් හෙළිකොට තිබේ.

එහෙත්, එම කළලය විනාශ නොකළ වෛද්‍යවරයෙකු එය සිය බිරිඳගේ කුසෙහි තැන්පත් කළ බව එම වාර්තාවෙහි සඳහන් වේ.

ඒ අනුව සාරා නමැති එම දියණිය උපත ලබා ඇති බවත් ඇය මේ වන විට 33 වන වියේ පසුවන බවත් සඳහන්.

මෑතකදී විලියම් කුමරුගේ බිරිඳ වන කේට් මිඩ්ල්ටන් අමෙරිකාවට පැමිණ සාරා හමුවූ බව ද Globe නමැති අදාළ සඟරාවෙහි දක්වා ඇත. මෙම සිද්ධිය ප්‍රචාරය කිරීමෙන් පසුව එය සාවද්‍ය බවට කිසිදු ප්‍රකාශයක් මෙතෙක් කර නොමැත.

null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>