30 Nov 2015
චාලට් කුමරියගේ ඡායාරූප 2ක් පිටවෙයි
විලියම් කුමරු සහ කෙට් කුමරියගේ දෙවන දරුවා වන සිඟිති චාලට් කුමරියගේ නවතම ඡායාරූප 2ක් එළිදක්වා ඇති බව වාර්තා වේ.
ඇයගේ වයස මාස 6ක් සපිරීම නිමිත්තෙන් පසුගිය ඉරිදා කෙන්සිංටන් මාළිගය විසින් මෙම ඡායාරූප නිකුත් කර තිබේ.
ඒවා කේට් කුමරිය විසින් ගන්නා ලද ඡායාරූප බව පැවසේ.
චාලට් කුමරිය මෙලොව එළිය දුටුවේ ඉකුත් මැයි මස දෙවැනිදා ය.