චීනයේ අවුරුදු සමරද්දී 35ක් තෙරපී මරුට

null

චීනයේ, ෂැන්හයි නුවර අළුත් අවුරුදු සැමරුම් උත්සවයක සිදුවු තෙරපීමකින් පුද්ගලයින් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එම අනතුර සිදු වී ඇත්තේ චීනයේ ෂැන්හයි නුවර Huangpu ගඟ අසලදී වන අතර එම ස්ථානයේ පැවතී නව වසර උදා වීම සැමරීම සදහා දහස් සංඛ්‍යාත පිරිසක් රැස්ව සිට තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ තවත් පුද්ගලයින් 42 දෙනෙකු එහිදී තුවාල ලබා ඇති බවයි.

මෙම පිරිස මියයාමට හේතුවී ඇත්තේ මුදල් ඇහිලිමට යාම බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එහිදී උස ගොඩනැගිල්ලක සිටි පුද්ගලයෙක් විසින් මුදල් නෝට්ටු මිටි කිහිපයක් පෙන්වා රැස්ව සිටි පිරිස වෙත විසිකර ඇත. පවිගිය එම නෝට්ටු අහුලා ගැනීමට එකිනෙකා පොරකමින් උත්සහ කිරීම නිසා තෙරපීමෙන් මෙලෙස පුද්ගලයින් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

කෙසේ වෙතත් එම මුදල් ව්‍යජ ඒවා බවට අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

null
null
null
null
null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>