චීන ජනපති අද ශ‍්‍රී ලංකාවට

xi jinping

චීන ජනාධිපති ෂී – ජින්පින් දෙදින නිල සංචාරයක් සඳහා අද (16) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයකට අනුව චීන ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

චීන ජනාධිපතිවරයෙකු ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන්නේ වසර 28කට පසුව වීම විශේෂත්වයකි.

ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළේ අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දෙරටේ නියෝජිතයින් අතර ද්වි පාර්ශවික සාකච්ඡුාවක් පැවැත්වෙන බවයි. එමෙන්ම මෙරටට වැදගත් වන ගිවිසුම් රැුසකට ද දෙරටේ නායකයින් අත්සන් කිරීමට නියමිතව තිබෙ.

චීන ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ දී දෙරට අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් ආරම්භ කිරීමට ද සැලසුම් කර තිබේ. එමෙන්ම නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ තෙවන අදියර විවෘත කිරීම, ගාලු මුවදොර නව වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම චීන ජනාධිපතිවරයා විසින් සිදුකිරීමට නියමිතය.

වර්තමානයේ මෙරට ක්‍රියාත්මක විශාලතම සංවර්ධන ව්‍යාපෘති රැසක හිමිකාරීත්වය දරනු ලබන්නේ චීනය යි. දක්ෂිණ අධිවේගී මාර්ගය, හම්බන්තොට වරාය, නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය, මත්තල ගුවන්තොටුපළ, කටුනායක අධිවේගී මාර්ගය, මොරගහකන්ද වාරිමාර්ග ව්‍යාපෘතිය, නෙළුම්පොකුණ රඟහල ඉන් කිහිපයකි.

චීන ජනාධිපතිවරයාගේ සංචාරය වෙනුවෙන් අද සහ හෙට කොළඹ මාර්ග කිහිපයක වාහන ගමනාගමන කටයුතු සීමා කෙරෙන බව පොලීසිය පවසයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>