චීන යුවළකගේ බෑගය පැහැරගත් හොරෙක් GPS තාක්ෂණයෙන් අල්ලාගත් හැටි
කොළඔ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ ගමන් ගත් චින ජාතික යුවලකගේ අත් බෑගය පැහැරගෙන දුම්රියෙන් පැන පාලා ගිය සැකකරුවෙකු මුදල් සහිතව පැය කිහිපයක් ඇතුලත අත්අඩංගුවට ගැනිමට හැටන් පොලීස් නිළධාරින් සමත් වි තිබේ.
ඉකුත් (28) වෙනිදා දිවයිනට පැමිණී මෙම යුවල ලංකාවෙි මාර්ග උපදේශිකාවගේ සහායෝගය ඇතිව (02) පේරාදෙණිය දුමිරිය ස්ථානයෙන් උඩරට මැණීකේ දුමිරියට ගොඩවි ගමන් කරමින් සිටියේදි හැටන් රෝසැල්ල දුමිරිය ස්ථානය අසලදි චින ජාතික කාන්තාව සතුව තිබු බෑගය පැහැරගත් දුමිරියේ ගමන් ගත් සැකකරුවෙක් දුමිරියෙන් පැන පලාගොස් ඇත.
පසුව එම තිදෙනාම හැටන් පොලීසියට පැමිණ පැමිණිලි කර එදින (02.11) රාත්‍රි හැටන් ප්‍රදේශයේම නාවාතැන් ගෙන සිටියේදි ඇය සතුව තිබු තවත් දුරකථනයකට ජි.පී.එස් තාක්ෂණය ඔස්සේ පැහැරගත් අත් බෑගය තිබෙන ස්ථානය පෙන්නුම් කරන බව හැටන් පොලීසියට දැනුම් දිමෙන් පසු වහා ක්‍රියාත්මක වු හැටන් පොලිසිය පැමිණිළී කාර යුවල සහ මාර්ග උපදේශීකාව සමග එදිනම රාත්‍රියේ පැහැරගත් අත් බෑගය තිබු කොළඔ ග්‍රෑන්පාස් ප්‍රදේශයට ගොස් සැකකරු සහ පැහැරගත් මුදල් සහිත අත්බෑගය සොයා ගෑනිමට සමත්වි තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවි සිටින අයෙකු බවත් ඔහුව මහනුවර අමිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් ඔහු ග්‍රෑන්පාස් ප්‍රදේශයේ ඔහුගේ මිතුරෙකුගේ නිවසේ නතර වි සිටියෙදි අත්අඩංගුවට ගැනිමට හැකිවු බව හැටන් පොලිසිය පවසයි.
හැටන් පොලිසියේදි මෙම මෙහෙයුමට සහභාගි වු සියලුම නිළධාරින්ට එම යුවලගේ ප්‍රශංසාව පුදකළ අතර මේ පිළිබදව තම තානාධිපති කාර්යාලයට දැනුම් දෙන බවද ඇය සඳහන් කර තිබේ.