චීන – ලංකා මිතුදම දිගටම

null

චීන ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත එරට සහකාර විදේශ අමාත්‍ය ලියු ජියාන්චෝවු මහතා අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට නියමිතව තිබේ.

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ලියු ජියාන්චෝවු මහතා අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදි අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමුවීමට නියමිතය.

ඊයේ (05) විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා හමුවූ ඒ මහතා ශ‍්‍රී ලංකාව සමඟ සමීප මිතුරු සබඳතාවක් අඛන්ඩව පවත්වා ගැනීමට චීන රජය සූදානම් බව පැවසුවේය.

තවද එහිදි නව රජයට චීන ජනාධිපතිවරයාගේ සුභපැතුම් එක්කර ඇති අතර දෙරට අතර මිත්‍රත්වය ඉදිරියට ගෙනයාම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට දෙපාර්ශවය අතර සාකච්ඡා වී තිබේ.

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර චීන රජයේ ආරාධනයක් මත මේ මස අවසානයේ චීනයේ සංචාරය කිරීමට නියමිත අතර, මේ වසරේ මාර්තු මාසයේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන චීනයේ සංචාරය කිරීමට නියමිතයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>