චීන සබ්මැරීන වලට ශ්‍රී ලංකා මුහුදේ සංචාරය කිරීමට අවසර

null

ඉදිරියේදී චීන සබ්මැරීන සඳහා ශ්‍රී ලංකා මුහුදේ සංචාරය කිරීමට අවසර ලබාදීමේ හැකියාව පවතින බව රජය පවසයි. පෙර දැනුම්දීමකින් පසුව මේ සදහා අවස්ථාව පවතින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත.

සිංගප්පූරුවේ නිල සංචාරයක නිරතව සිටින අතරවාරයේ විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

එහෙත් චින සබ්මැරීන සඳහා නිරන්තරයෙන් මෙරට මුහුදු සීමාවට ඇතුළුවිමට අවස්ථාව ලබාදිය නොහැකි බවද හෙතෙම පෙන්වා දී තිබේ.

මීට පෙර අවස්ථාවකදී චීන සබ්මැරින ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළුවී ඇති බවට ඉන්දියාව චෝදනා එල්ල කර තිබුණි.

ශ්‍රී ලංකාව දැනුවත් නොකර ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළුවීම හේතුවෙන් ඉන්දියාව මෙම චෝදනා එල්ල කළ බවට අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>