චෙන්නායි සහ රාජස්ථාන් කණ්ඩායම්වලට වසර 2ක IPL තහනමක්

null

මුදලට ක්‍රිකට් තරග පාවාදුන් බවට චෝදනා ලැබූ ඉන්දීය අයි.පී.එල් කණ්ඩායම් දෙකකට වසර දෙකක අයි.පී.එල් තරග තහනමක් පැනවීමට දිල්ලි ශ්‍රේෂ්ඨාධිකරණය අද (14) නියෝග කර තිබේ.

එසේම චෙන්නායි කණ්ඩායමේ හිටපු කළමනාකරුවෙකු වන ගුරුනාත් මෙයියප්පන් සහ රාජස්ථාන් පිලේ හිමිකරු වන රාජ් කුන්ද්‍රාට ජීවිත කාලය පුරාවටම ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ කටයුතුවල යෙදීම තහනම් වීමද විශේෂත්වයක්.

මෙම තහනම පනවා ඇත්තේ අයි.පී.එල්. තරගාවලියේ සිදුවූ බව කියන තරඟ පාවාදීම් ඇතුළු දූෂණ සම්බන්ධයෙන් සෙවීම සඳහා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පත් කළ ලෝධා කමිටුවේ වාර්තාවේ නිර්දේශවලට අනුවයි.

අග්‍ර විනිශ්චයකාර ආර්.එම්.ලෝදාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>