චොගම් අමුත්තන්ගේ හිල්ටන් බිලත් රාජපක්ෂ පවුලට දාලා

null

රාජපක්‍ෂ පවුලේ රුපියල් මිලියන 9.4 ක උදෑසන ආහාර වේලක් ගැන චෝදනා කරමින් ඊයේ (07) පුවතක් පලවී තිබුණි.

එය හිතා මතාම සත්‍යය විකෘති කිරීමක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය පවසයි. එම නිවේදනය පහතින් දැක්වේ…

රාජපක්‍ෂ පවුල හිල්ටන් හෝටලයෙන් ඇනවුම් කරන ලද එක් ආහාර වේලක් සඳහා රුපියල් මිලියන 9.4 ක බිලක් ලැබී තිබෙන බවත්, එය මේ වන තුරුත් ගෙවා නොමැති බවත් හිටපු එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා ඊයේ පවත්වන ලද මාධ්‍ය හමුවකදී චෝදනා කර සිටියේය. මේ චෝදනාව සනාථ කිරීමට හිල්ටන් හෝටලයේ ලියවිල්ලක් ඔහු ඉදිරිපත් කොට තිබුණි. මේ කෙරෙන චෝදනාවට මාධ්‍ය තුළින්ද ප‍්‍රචාරයක් ලැබී තිබුණි.

බණ්ඩාර මහතා තම චෝදනාව සනාථ කිරීමට ඉදිරිපත් කර තිබුණේ 2013 නොවැම්බර් 11 වන දින හිල්ටන් හෝටලය විසින් නිකුත් කරන ලද ඉන්වොයිසියකි. මෙය 2013 නොවැම්බර් 15 වන දින පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ සමාරම්භක උත්සවයට සහභාගී වූ දෙස් විදෙස් අමුත්තන් 1400 කට ආහාර සැපයීම සඳහා ඉදිරිපත් කොට තිබූ ඉන්වොයිසියකි. මෙකී අවස්ථාවට බි‍්‍රතාන්‍යයේ චාර්ල්ස් කුමරු හා පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් 53ක රාජ්‍ය නායකයින් හා ආණ්ඩු ප‍්‍රධානීන්ද සහභාගී වූ අතර මෙය කිසිසේත්ම රාජපක්‍ෂ පවුලේ උදෑසන ආහාර වේලක් නොවූ බව කිව යුතුය.

මෙම චෝදනාව මෙරට වසර 30 ක් පුරා පැවති යුද්ධය අවසන් කොට රට සංවර්ධනය කරමින් සිටි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ රජය බොරු චෝදනා එල්ලකර ජනවාරි 8 වනදා පෙරළීමට කියූ බොරු හා සමාන තවත් බොරුවකි. මෙරට ජනතාවට සිදුවූ වරද නිවැරදි කරගැනීමට අගෝස්තු 17 වනදා ලැබී තිබෙන අවස්ථාව නොමග යැවීමට මෙය සිතා මතා ගොතන ලද බොරු ප‍්‍රවෘත්තියකි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>